Image

130

තිරසර සංවර්ධනයක් උදෙසා විධිමත් නාගරික සැලැසුම්කරණයේ වැදගත්කම

නිරන්තරයෙන්ම වැඩිවන මිනිස් අවශ්‍යතාවලට විසදුම් සොයමින් ලෝකය නාගරික ලෝකයක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් 1996 දී ලෝක කාර්යය සැලැස්මේ අතුරු කෙටුම්පතෙහි ඒ පිළිබඳව මෙසේ දක්වා ඇත.‘‘ ශීඝ්‍ර ‍ ලෙස නගර වර්ධනය වීම, නාගරික ජනගහනය විශාල නගරවල සංකේද්‍රණය වීම හා මහනගර වේගයෙන් වර්ධනය වීම, මානව ජනාවාසයන් හි ඉතාමත් වැදගත් පරිවර්තනයකි. ක්‍රි.ව. 2000 වන විට ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් සිය ආර්ථික සහ සමාජ සුභසාධනය උදෙසා නගර මත යැපෙනු ඇත.’’(ආර්ථික විමසුම,1996මාර්තු:27). මෙය සපථ කරමින් අද වනවිට ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා තිබේ. මෙම වැඩිවන ජනගහනයත් සමග ජනතාව නගරවලට සංකේන්ද්‍රනය වීමක් දැකගත හැකිය.
 
වර්ධනය වන ජනගහනයත් සමග නාගරීකරණය වත්මන් නගරයන්හි ගැටලූවක් වන අතර මේ හේතුවෙන් නාගරික සැලැසුම්කරණය පිළිබඳව අවධානය යොමුව ඇත. නාගරික සැලැසුම්කරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් අවකාශීය සැලැසුම්කරණය (Spatial Planning) සහ නගර සැලැසුම්කරණය (City planning) වේ. නාගරික සැලැසුම්කරණයක් අවශ්‍ය වන්නේ නගරයක සංවර්ධනය හා විධිමත්භාවයක් සඳහා ය. වර්තමාන නාගරික සැලසුම්කරණය පිළිබදව අවධානය යොමු කරනවිට තිරසාර සංවර්ධනයක් පවත්වා ගැනීම එහි ප‍්‍රධාන අරමුණයි. එහිදී ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, නාගරික උණුසුම අවම කිරීම, පරිසර දූෂණය අවම කිරීම, සමාජ අසමානතාව අවම කිරීම, විශාල පාරිසරික වෙනස්වීම් අවම කිරීම යනාදිය පිළිබදව අවධානය යොමු වී ඇත. වීලර් (Wheeler) 1998 දී ඔහුගේ ලිපියකින් සදහන් කරන්නේ, තිරසාර සංවර්ධනය යනු දීර්ඝකාලීන සමාජ සහ පරිසර සංවර්ධනයක් නගර තුළ ඇති කිරීම බවයි. (සමරකෝන්,2009;99)
 
සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන ශ්‍රී ලංකාව තුළ ද නාගරිකරණයත් සමග නාගරික ජනගහනය වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පැහැදිලිව දැකගත හැක. 2001 වනවිට කොළඹ නාගරික ජනගහනය 1,417,427 ක් වු අතර එය ප්‍රතිශතයක් ලෙස 63.07% කි (ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, 2005 ජූලි). 2012 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,324,349ක් හා කොළඹ නගරයෙහි 323,257ක් ලෙස සංඛ්‍යා ලේඛනයන්හි සඳහන් වේ (Cences of population and housing, 2012). කොළඹ නගරයේ නාගරීකරණය ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි නගරවලට සාපේක්ෂව සෙමින් සිදුවන්නකි. හොංකොං, තායිවානය සහ දකුණු කොරියාව වැනි රටවල් හි නාගරීකරණයට ආර්ථික සංවර්ධනය හේතුවක් වී ඇත. නමුදු ලංකාවේ 1977වන තෙක්ම පැවතියේ සංවෘත ආර්ථිකයක් වන බැවින් ග්‍රාමීය ජනගහනය විශාල වශයෙන් කොළඹ නගරයට ආකර්ශනය වූයේ නැත. මේ හේතුව නිසා කොළඹ නගරයේ නාගරීකරණය වෙනත් රාජ්‍යයන්ට සාපේක්ෂව සිදුවූයේ ඉතා සෙමිනි. නමුදු නාගරීකරණයේ ගැටලූ සීමාවීමක් සිදුනොවූ අතර එම ගැටලූ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී.
 
මේ හේතුවෙන් වැඩිවන ජනගහනයත් සමග කොළඹ නගරය සංවර්ධනය කළ යුතු බවට මතයක් ඉදිරිපත් විය. නාගරික සංවර්ධන ක්ෂේත්‍රය තුළ බස්නාහිර ප්‍රදේශය සඳහා ගනු ලැබූ සැලැසුම් ප්‍රයත්නයන් බෙහොමයක් ඇත. 1921දී ශ්‍රීමත් පැට්‍රික් ගෙඩ්ස් සහ 1948දී පැට්‍රික් ඇබර්ක්‍රොම්බ් නැමැත්තන් විසින් සැලැසුම් ඉදිරිපත් කර තිබේ. 1978දී කොළඹ මහා සැලැසුම් ව්‍යාපෘතිය මෙන්ම, 1998දී නාගරික සංවර්ධන අධිකාරිය මගින් පිළියෙල කරන ලද කොළඹ පුරවර ප්‍රාදේශීය ව්‍යුහ සැලැස්ම වැදගත් වේ. තවද වසර 2030 බස්නාහිර ප්‍රදේශයට අපේක්ෂාව, උරුමය, විවේකය සහ ප්‍රසන්න ජීවිතය සඳහා ක්ෂේම භූමියක් බවට පරිවර්තනය කිරීමේ අදහසින් යුතුව බස්නාහිර ප්‍රදේශ මහා පුරවර සැලැස්ම ගොඩනගා තිබේ.
 
වර්තමානයේ ක්‍රියාත්මක කළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ද මෙකී නාගරීකරණයට විසඳුමක් ලෙස ඉදිරිපත් කළ සැලැස්මක් වන අතර, මෙවැනි මහා සැලැසුම් ඔස්සේ නාගරික සංවර්ධනය කෙරෙහි ගන්නා ලද ප්‍රයත්නයන් හි අපේක්ෂිත ප්‍රතිඵල ගෙනදීමට අපොහොසත්ව ඇති අතර, මෙනිසා නාගරීකරණයේ බොහෝ ගැටලූ කොළඹ නගරය ආශ්‍රිතව දැකගත හැකිය. ඒ අනුව තිරසර නාගරික සැලැස්මක් අවශ්‍ය බව මින් පැහැදිලි වේ.
 
කොළඹ නගරයේ නාගරීකරණ ගැටලූ හා ඒ සම්බන්ධයෙන් එළැඹිය හැකි විසඳුම් පිළිබඳව පහත අවධානය යොමු කර ඇත.
 
නාගරික සැලසුම්කරණයේ දී සෞන්දර්යය ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම දියුණු නගරවල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ, මිනිසුන් විශාල නාමපුවරු භාවිතය හේතුවෙන් සෞන්දර්ය විනාශ කර ඇති ආකාරයකි. ඒ අනුව කොළඹ නගරය ද මෙකී තත්ත්වයට මුහුණ දී ඇත. එමෙන්ම නගරය තුළ ගොඩනැගිය යුතු ප්‍රධාන අංග මොනවාද යන්න පිළිබද ගැඹුරු සංවාදයක් නාගරික සැලැසුම්කරුවන් අතර නොමැති වීම ද ගැටලූවකි. ඒ අනුව නාගරික අවශ්‍යතාව, දේශීය අනන්‍යතාවය හා දේශීය උරුමයන් හි ආරක්ෂාව, සංචාරක ආකර්ෂණය, නගර තුළ හොඳ වෙළඳපොළක් නිර්මාණය, පදිකයන්, වාහන, ස්වභාවික සම්පත් භාවිතය යනාදී දේ පිළිබදව නාගරික සැලසුම්කරුවන් අවධානය යොමු කළ යුතුය.
 
එමෙන්ම නාගරික සැලසුම්කරණයේ දී, නගර ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කළ යුතු කරුණකි. එනම් ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානි අවම කරලීම මෙහි අදහසයි. කුණාටු, ගංවතුර, මුහුද ගොඩගැලීම්, භූ කම්පන යනාදිය පිළිබදව සැළකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන් ගංවතුර, සුළිසුළං වැනි ආපදාවන්ගෙන් නගරය මෙන්ම නගර වැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා වන සේ නගර සැලැසුම් සකස් විය යුතු වේ. ලංකාවේ කොළඹ නගරය තෙත් කලාපයට අයත් වසර පුරා නිරන්තරයෙන් වර්ෂාව හිමිවන නගරයකි. මේ හේතුවෙන් සුළු හා මධ්‍යම මට්ටමේ හදිසි ගංවතුර ආපදා තත්ත්වයන් කොළඹ නගරය ආශ්‍රිතව දැකගත හැකි ලක්ෂණයක් වන අතර මෙලෙස නිරන්තරයෙන් වර්ෂාවත් සමග ආපදා තත්ත්වයන් ඇති වීම ජන ජීවිත අඩාල වීමට හේතුවන බැවින් එය නගර වැසියන්ට මෙන්ම පවත්නා රජයට ද විශාල බලපෑමකි. එමනිසා නගර සැලැසුම්කරණයේ දී මෙවැනි ආපදා තත්ත්වයන්ගෙන් ඇති විය හැකි බලපෑම අවම වන සේ නගර නිර්මාණය ඉතා වැදගත් වේ.
 
තිරසර නාගරික සංවර්ධනයේ දී නගරවල ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ මුඩුක්කු හා පැල්පත් කෙරෙහි අවධානය යොමු විය යුතුය. නාගරීකරණයේ ප‍්‍රතිඵලයක් වන මොවුන්ගේ ජනජීවිත උසස් කිරීම ද විධිමත් නාගරික සැලැසුම්කරණයේ අත්‍යවශ්‍ය අංගයකි. නගරය අලංකාර කිරීමේ අරමුණින් අවිධිමත්ව මොවුන් නගරයෙන් ඉවත් කිරීම අසාධාරණයක් මෙන්ම ඒ හේතුවෙන් එම ජනතාව උද්ගෝෂණ ක්‍රියාමාර්ග, පවත්නා රජයට නොයෙක් ආකාරයෙන් බලපෑම් කිරීම ආදිය නිසාවෙන් ජාතික ආරක්ෂාව සඳහා ද බලපෑම් ඇති වේ. මෙවන් ජනතාවගේ ජන ජීවිත උසස් කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙලක් රජයකට පැවතිය යුතු වන අතර එහිදී තිරස් හා සිරස් මහල් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී තිරසර නිවාස යෝජනා ක්‍රම වැදගත්ය. එනම් නිවාසයක ඉඩකඩ, සෞන්දර්යාත්මක අංග, උපයෝගීතාවන් හා මූලික සේවාවන් ලබාගැනීමේ හැකියාව, ප්‍රජා හා සමාජීය අවශ්‍යතා යනාදිය පිලිබඳ අවධානය යොමු කිරීම, මහල් නිවාස ඉදිකිරීමේ දී පුද්ගලයන්ගේ සෞඛ්‍යාරක්ෂාව, එම නිවාසයන්හි ගුණාත්මකභාවය යනාදිය සැළකිලිමත් වීම වැදගත්ය.
 
විධිමත් ආකාරයේ නාගරික සැලැසුම්කරණයේ දී නගරයේ පවත්නා ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. අනවශ්‍යය ආකාරයේ ඉඩම් හා ගොඩනැගිලි රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ විධිමත් කිරීම වැදගත්ය. විශේෂයෙන් නාගරිකව පවත්නා විශාල ගැටලූවක් වනුයේ ඉඩම් හිගය යි. මේ නිසා පුද්ගලයෙකු නාගරිකව නිවසක් සඳහා යොදන ඉඩම් ප්‍රමාණය සීමා කිරීම අවශ්‍ය වේ. ඉඩම් හිගය හේතුවෙන් නගරය තුළ අනවසර නිවාස නිර්මාණය වන බැවින්, එය නගරය තුළ තවදුරටත් නිවාස පිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතුවක් වන බැවින් නගරයේ පවත්නා ඉඩම් හා ගොඩනැගිලි තිරසර ලෙස භාවිතයට ගැනීම වැදගත් වේ.
 
එමෙන්ම නගරකරා සංක්‍රමණය වන ජනතාව සීමා කිරීම උදෙසා ප‍්‍රධාන නගරය අවට සෙසු නගර සංවර්ධනය කිරීම සිදුවිය යුත්තකි. විශේෂයෙන් කර්මාන්ත ප්‍රධාන නගරයන්ට පමණක් නොව සෙසු නගරයන්හිද ඉඳිකිරීම සඳහා රාජ්‍ය අනුග්ර‍හය ලබාදිය යුතුය. මෙහිදී නගරය තුළ තබාගත යුතු ආයතන හා කර්මාන්ත මොනවාද හා සෙසු නගරවල පැවතිය යුතු ආයතන හා කර්මාන්ත මොනවාද යන්න පිළිබඳ සැලැසුමක් රාජ්‍යයකට තිබිය යුතුය. විශේෂයෙන් කොළඹ නගරය අවට ගම්පහ, කළුතර, පානදුර, රත්මලාන වැනි නගරයන්හි ජනතාව මෙන්ම පාසල් ළමුන්ද විශාල වශයෙන් වඩා හොඳ ප්‍රමිතියක් වෙනුවෙන් කොළඹ නගරය වෙත ඇඳේ. මෙම තත්ත්වය පාලනය කිරීම උදෙසා සෑම නගරයකම සම්පත් බිහිකිරීම පමණක් නොව ඒ සඳහා නිසි වටිනාකමක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. රෝහල්, පාසල් හා වෙනත් පහසුකම් සඳහා නිසි ඇගැයීමක් ජාතිකව නිර්මාණය කළ යුතුය.
 
නගරයේ විශාල ගැටලූවක් වන කැළිකසල බැහැර කිරීම සඳහා තිරසර වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතුය. මෙමගින් පරිසර දූෂණය පාලනය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ද ඉවහල් වේ. එහිදී කැළිකසල ඉවත් කිරීම විධිමත් කිරීම, කැළිකසල ඉවත් කරන වේලාවන් ජනතාවට දැනුවත් කිරීම මෙන්ම කැළිකසල මාර්ග දෙපස බැහැර කරන පුද්ගලයන් වෙත දඩුවම් පැමිණවීම හා මාර්ග දෙපස පවිත්‍රතා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සිදුවිය යුත්තකි.
 
විධිමත් නාගරික සැලැසුම්කරණයක මාර්ගවල ඇතිවන රථවාහන තදබදය අවම කිරීම උදෙසා වැඩපිළිවෙලක් සකස් කළ යුතු වේ. මෙහිදී, නගරයේ ප්‍රධාන මාර්ග මෙන්ම නගරයට ප්‍රවේශවීම සඳහා ඇති විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම වැදගත් වන අතර එතුළින් නගරයට අනවශ්‍ය ආකාරයේ වාහන ඇඳී ඒම වළක්වාගත හැකිය. තවද, නගර සැලැසුම්කරණයේ දී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම, මහාමාර්ග සහ දුම්රිය මාර්ගයන්හි ගුණාත්මකභාවය, නගර වැසියන්ට අපහසුතාවයකින් තොරව හා කාලය නාස්ති නොවන ලෙස ගමනාගමනය කිරීමේ හැකියාව දියුණු නගරයන්හි ලක්ෂණ වන අතර නාගරික සැලැසුම්කරණයේ දී මෙම කාරණා පිළිබඳව අවධානය යොමුකළ යුතු කරුණුය. තවද, අනවශ්‍යය ආකාරයේ මාර්ග තදබදය හේතුවෙන් ඉන්ධන නාස්තිය, ජනතාවගේ කාලය අපතේ යාම බරපතල ගැටලූකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියා ස්ථාන කරා ළගාවීම සඳහා විශාල කාලයක් මාර්ග තදබදය හේතුවෙන් අපතේ යනු ලැබේ. එයට විසඳුමක් ලෙස, රැකියා ස්ථානය හා නේවාසික ස්ථානය අතර දුර ප්‍රමාණය අවම වශයෙන් 5km ප්‍රමාණයක් වන සේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් දියත් කිරීම, උමං මහා මාර්ග, දුම්රිය මාර්ග මෙන්ම විදුලි දුම්රිය මාර්ගයන් නිර්මාණය වැදගත් ය.
 
තවදුරටත් නාගරික සැලැසුම්කරණයේ දී ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් නගර තුළ නිර්මාණය පිළිබඳව අවධානය යොමු කළයුතු කරුණකි. විශේෂයෙන් වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් සඳහා සුදුසු පරිසරයක් කොළඹ නගරය තුළ සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී ඔවුන්ට වෙනත් අයෙකුගේ උපකාරයකින් තොරව නගරයේ තමන්ට අවශ්‍ය ස්ථාන කරා යාමට ප්‍රවේශ මාර්ග නිර්මාණය, සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම විධිමත් නගර සැලැසුම්කරණයේ දී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අවධානය යොමු කළ යුතුය.
 
ලංකාවේ නාගරීකරණයට තිරසාර විසඳුමක් අවශ්‍ය වන අතර, පවත්නා තත්ත්වය තවදුරටත් පැවතියහොත්, රටේ ආර්ථික දියුණුවට, ජනතාවගේ දෛනික ජීවන රටාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ලබන ගැටලූවක් වනු ඇත. වර්තමානයේ ක්‍රියාවට නංවනු ලබන බස්නාහිර කලාපීය මහනගර සංවර්ධන ව්‍යාපෘතිය තුළින් මෙම කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් දෙයකි. දැවැන්ත ගොඩනැගිලි, පාලම්, අධිවේගී මාර්ග ඉදිකිරීම පමණක් නොව පරිසර සුරක්ෂිතභාව, පුරවැසි අයිතිවාසිකම් ආදී සියලූම අංශයන්ගේ තිරසර බව සුරැකෙන නගර සැලැසුම්කරණ අවශ්‍ය වේ. මෙහිදී ලාංකේය නගර සැලැසුම්කරණ ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී, අතීත අනුරාධපුර නගර සැලැසුම්කරණයන් ආදර්ශයට ගැනීම උගහටය.
 
ආශ්‍රිත ග්‍රන්ථ
 
  1. පෙරේරා, නිහාල්. (2004). යටත්විජිත නගරය දේශීය කිරීම:19 වන සියවස අගභාගයේ කොළඹ සහ එහි භූමි දර්ශනය. කොළඹ:පඨිත සමාජ සංස්කෘතික සමීක්ෂා, සමාජ සංස්කෘතික ගවේෂණය සඳහා වූ එකතුව
2.         සමරකෝන්, මයුර,(2009).නාගරික සමාජ විද්‍යාව. ලීඞ්ස් ග‍්‍රැෆික්ස් (පුද්ගලික) සමාගම
3.         සේනානායක,එම්.ඒ.පී.(1996 මාර්තු).නාගරික දිළිඳු කොටස්වල තත්ත්වයන් නඟා සිටුවීම.ආර්ථික විමසුම. පිටු 27-31
4.            හෙට්ටිආරච්චි,ජනක.(2008).මානුෂ භූගෝල විද්‍යාව ජනගහනය ජනාවාස හා නාගරීකරණය. ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
5.            Kottegoda, Sepali. (2004).Negotiating Household Politics.Women's Strategies in Urban Sri Lanka,Colombo 5: Social Scientists' Association
6.            https://sinhala.news.lk/news/provincial-news/item/15595-2016-01-01-08-54-10
 
කේ. නිලූකා ප්‍රසාදිනී, පර්යේෂණ සහකාර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (INSSSL).
(මෙම ලිපියේ INSSSL ආයතනයේ හෝ ශ්‍රී ලංකා රජයේ මතය පිළිබිඹු නොවේ.)
 
එමෙන්ම නාගරික සැලසුම්කරණයේ දී, නගර ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කළ යුතු කරුණකි. එනම් ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානි අවම කරලීම මෙහි අදහසයි. කුණාටු, ගංවතුර, මුහුද ගොඩගැලීම්, භූ කම්පන යනාදිය පිළිබදව සැළකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන් ගංවතුර, සුළිසුළං වැනි ආපදාවන