Image

160

සැම සුරැුකි රටක් වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාවය



ආහාර සුරක්ෂිතතාවය (Food Security) වනාහි ලෝක ආහාර සමුළුව නිර්වචනය කරන පරිද්දෙන් සෑම පුද්ගලයෙකුටම ඵලදායි සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප‍්‍රමාණවත්, සුරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර ලබාදීමට භෞතික, ආර්ථික හා සමාජීය ප‍්‍රවේශය පැවතීමයි. වර්තමානයේදී ශ‍්‍රී ලංකාවට විවිධාකාර කරුණු අරඹයා මෙම නිර්වචනය සඳහා අවශ්‍ය නිර්ණායක සපුරාලීම අපහසු වී ඇත. 2014 වර්ෂයේ සිදුකළ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වුයේ 30.1%ක පමණ ප‍්‍රමාණයක ජනතාවක් බරපතල ආහාර අනාරක්ෂිත තත්ත්වයකට මුහුණදී ඇති බවයි. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් එවන් තර්ජනයක් පවතින ශ‍්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාවට එය බලපාන ආකාරය විමසා බැලීම වැදගත්ය. 

ජාතික ආරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාවය අතර සම්බන්ධය සැලකීමේදී ආහාර ප‍්‍රභවයන්ට ප‍්‍රවේශ වීමට ඇති නොහැකියාව සමාජ අසහනය වර්ධනය වීමට තරම් බලපෑම් සහගත විය හැකි බව මෑතක මෙරට තුළ ජීවන වියදම ඉහළයාම හා සම්බන්ධ මහජන විරෝධතාවයන්ගෙන් පිළිඹිබු වේ. 2006 මානුෂික මෙහෙයුම ආරම්භයේ මාවිල්ආරු සෙරොව්ව මුදාගැනීමේ මෙහෙයුම ශ‍්‍රී ලාංකික සන්දර්භය තුළ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් රජය ගත් කෑපීපෙනෙන ක‍්‍රියාමාර්ගයක් ලෙස අර්ථකථනය කළ හැක. මෙහිදී නැගෙනහිර පළාතේ ජනතාවට සිය ගොවිතැන් කටයුතු කරගෙන යාමට බලපෑම් කරමින් ඛඔඔෑ සංවිධානය විසින් වසා දැමූ මාවිල්ආරු සෙරොව්ව ශ‍්‍රී ලංකා රජයේ සාර්ථක හමුදා ක‍්‍රියාන්විතයකින් මුදාගනු ලැබීම, දහස් ගණනක් ජනතාවට ආහාර හි`ගවීමක් ඇති වීමට තිබූ අවස්ථාවක් සාර්ථකව මැඩපැවැත්වීමකි. 

මෑත අතිතයේ දිවයිනේ ඇතිවූ අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුකොටගෙන පවතින ආහාර සංචිත සම්බන්ධයෙන් බොහෝ මතභේද ඇති විය. දේශගුණික විපර්යාසයන් හා අහිතකර ප‍්‍රතිපත්තිමය තීරණයන් වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයන් අවම වීමට හේතු වී ඇත. දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් 900,000කට අධික සංඛ්‍යාවක් නිය`ග තත්ත්වයන් හේතුවෙන් සෘජු ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හදුනාගෙන ඇති අන්දමට පසුගිය යල සහ මහ කන්නයන් තුනකදී බලපෑ නියං තත්ත්වය ආහාර නිෂ්පාදනයට දැඩි ලෙස බලපෑම් කොට ඇති අතර ඉදිරි යල කන්නයේදී මෙම තත්ත්වය තවදුරටත් පැවතීමේ හැකියාව පිළිබඳව ඔවුහු අනතුරු අ`ගවති. පලිබෝධනාශක තහනම වැනි ප‍්‍රතිපත්තිමය තීරණයන් බෝග ඉක්මණින් රෝග කාරකයන්ට ගොදුරුවීමේ ප‍්‍රවණතාවයන් ඉහළ යාමට හේතු වී ඇත. එමෙන්ම ජාතික පෙහොර සහනාධාර නව යෝජනා ක‍්‍රමය යටතේ පොහොර සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිලාභියා විසින් පොහොර මිලදී ගැනීම වෙනුවට සිය වෙනත් අවශ්‍යතා සඳහා යොදාගනිමින් අවභාවිතයන් යෙදවීමද ප‍්‍රතිපත්තිමය තීරණයන් හේතුවෙන් ඇතිවූ අහිතකර තත්ත්වයකි. තවද අස්වැන්න නෙලීමේ අවධියේදී අවිධිමත් ලෙස පොහොර සහ පලිබෝධනාශක භාවිතය ආදී සාධකයන්ද ආහාර නිෂ්පාදනය අවම කිරීමට ප‍්‍රමුඛ වශයෙන් හේතු වී ඇත. 

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැුකියාවල අවම සහභාගීත්වයද ආහාර නිෂ්පාදනය අඩු වීමට බලපානු ලබන තවත් සාධකයකි. වෙනස්වන ජන විකාශන අංග සහ නාගරීකරණය හේතුකොටගෙන වත්මන් තරුණයන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත රැුකියාවන්හි යෙදීමට දක්වන්නේ අඩු උනන්දුවකි. මේ අනුව අනාගතයේදී කෘෂිකාර්මික කටයුතුවල තරුණ ප‍්‍රජාවගේ සහභාගීත්වය තවදුරටත් අවම අගයන් ගනු ඇත. කෘෂිකර්මාන්තය පිළිබඳව සමාජීය හැ`ගීම වෙනස් කිරීම හා ඒ ආශ‍්‍රිත රැුකියාවන් සඳහා තරුණ ප‍්‍රජාව උන්නදු කරමින් එය කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීම අනාගත ආහාර නිෂ්පාදනය සක‍්‍රීය කිරීමටත් ගෘහාශ‍්‍රිත කෘෂිකර්මය සඳහා පවතින ඉඩකඩ පුළුල් කරමින් දේශීය කෘෂි නිෂ්පාදනය ඉහළ දැමීමටත් අනාගතයේ බෙහෙවින් උපකාරී වනු ඇත. 

දැනටමත් පවතින ආහාර තොග විවිධ කාරණා අරභයා ¥ෂණයට ලක්වීම ආහාර හි`ගතාවයන් ඇතිවීම කෙරෙහි බලපාන්නාවූ තවත් සාධකයකි. ආහාර දූෂණය වීම නිසා ඇතිවන ආහාර අසාත්මිකතාවයන් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නැවතත් සිතා බැලීමට පොළඹවන්නකි. පසු අස්වනු හානි (Post Harvest Damages) හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අහිමි වෙමින් තිබේ. ආහාර ගබඩා කිරීම හා ප‍්‍රවාහනයේදී තවමත් පවත්නා යල්පැන ගිය ක‍්‍රමවේදයන් නිසා ආහාර විශාල පරිමාණයක් විනාශ වී යාමට හේතු වී ඇති අතර එකී නාස්තිය අවම කිරීම සඳහා යොදාගන්නා විසඳුම්ද ගොවියන් හා වෙළෙන්දන් විසින් අවහිර කර ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ආහාර සැපයුමටද අනවශ්‍ය ලෙස බාධා පැමිණ තිබේ. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතුකාරක වනුයේ අතරමැදියන් විසින් සිදුකරන සදාචාර විරෝධී වෙළඳ මාෆියාවන්ය. මෙහිදී අතරමැදි මැදිහත්කරුවන්ට වාසිදායක වන වෙළඳපල තත්ත්වයන් නිර්මාණය කිරීමට නීතිවිරෝධී ලෙස ආහාර තොග ස`ගවා තැබීම ආදී ක‍්‍රියාවන්හි නිරත වීම දැකගත හැකිය. මෙවැනි අවස්ථ ආහාර සැපයුමක් පවත්වාගෙන යාමේ රජයේ උත්සාහයන්ට බලපෑමක් වන අතර දිවයිනේ කෙටිකාලීන ආහාර සුරක්ෂිතතාවය කෙරෙහිද ප‍්‍රමාණවත් බලපෑමක් සිදුකර තිබේ. 

මෙවැනි ගැටලූවලට පිළිතුරු සැපයීමේදී දේශීය, කලාපීය හා අන්තර්ජාතික මට්ටමේ සහයෝගීතාවයන් වර්ධනය කරගැනීම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගත හැකි වඩාත්් හිතකර ප‍්‍රායෝගික ක‍්‍රමවේදයකි. දේශීය මට්ටමෙන් පවතින සහයෝගිතාවය පිළිබඳ විමසීමේදී ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර, ප‍්‍රාථමික කර්මාන්ත වැනි අමාත්‍යාංශ 11ක් සහ ජාතික ආහාර නිෂ්පාදනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය වැනි ආයතන අතර අවම සහයෝගීතාවයක් පැවතීම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හිතකර නොවේ. එහෙයින් මෙම සියලූ පාර්ශවයන් සම`ග මූලික ගැටලූ හඳුනාගනිමින් විවිධ අංශයන්හි පවතින සුවිශේෂී ගැටලූ සඳහා ප‍්‍රායෝගික විසඳුම් ලබාදීම වඩාත් යෝග්‍ය වේ. 

වර්තමානයේදී ශ‍්‍රී ලංකාව සිය කලාපයේ අනෙකුත් රාජ්‍යයන් මෙන් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පොදු තර්ජනයන්ට මුහුණ දෙමින් සිටී. අහිතකර කාලගුණය, දේශගුණික විපර්යාස සහ ආර්ථික තත්ත්වයන් ගෝලීය ආහාර නිෂ්පාදනයට එල්ලව පවතින ප‍්‍රධාන තර්ජනයන්ය. රාජ්‍ය-රාජ්‍ය අතර සහයෝගීතාවය වර්ධනය වන වැඩසටහන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්හි මැදිහත්වීමෙන් සිදුවන අතර අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගනිමින් ස්වාධීනව සිය ගැටලූවලට පිලිතුරු සෙවීම සඳහා රාජ්‍යයන් පෙළඹවීමට මෙකී වැඩසටහන් සමත් වනු ඇත. අතිරික්ත නිෂ්පාදනය, කාලානුරූපී නොවන හා අනුමාන කළ නොහැකි කාලගුණික රටාවන් සම්ප‍්‍රදායික ශ‍්‍රී ලංාකේය කෘෂිකාර්මික භාවිතයන් අභියෝගයට ලක් කොට ඇත. මේ පිළිබඳව සිය අදහස් දැක්වූ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ”යල-මහ ක‍්‍රමය වත්මන් කාලගුණික විපර්යාස හමුවේ මුළුමනින්ම යල්පැන ගිය ක‍්‍රමයක් බවට පත්වෙමින් යන බවත්, නව දේශගුණික රටාවන් පදනම් කරගත් සමාජ පරිවර්තනයකට කෘෂිකර්මාන්තය වහාම තම දිශානතිය යොමු කල යුතු බවත්” සදහන් කරයි. ශ‍්‍රී ලංකා දේශපාලනයේ ප‍්‍රතිපත්ති සම්පාදනය සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පවතින ගැටලූ නිවැරදිව හදුනාගෙන එකී ගැටලූ විසදීමට ගන්නා සාධනීය උත්සාහය අගය කළ යුත්තකි. වෙනස්වන තත්ත්වයන්ට හා කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අස්වනු නෙලීමේ කාලවකවානු හා කෘෂි ව්‍යවසාය නවීකරණය කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පවතින කාලගුණික රටාවන් අනුව අනුවර්තනය වෙමින් ඉහළ ඵලදායීතාවයකින් යුතු අස්වැන්නක් ලබාගැනීම සඳහා උපක‍්‍රමශීලීව සංවර්ධනය කිරීමට ගන්නා මෙම පියවරෙහි ප‍්‍රතිඵලයන් ලෙස දිවයිනේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමටත්, ජීවන වියදම ඉහළයාම වැලැක්වීමටත් අනාගතයේදී හැකි වනු ඇත. 

ඉහත සදහන් විවිධ හේතු අරඹයා ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සැබෑ තර්ජනයක් ලෙස හදුනාගැනීම ඉතා වැදගත්ය. වර්ෂ 2030 වනවිට ශ‍්‍රී ලංකාවේ අපේක්ෂිත ජනගහනය 600,000කින් වැඩි විය හැකි අතර එහිදී ආහාර සුරක්ෂිතතාවය වර්තමානයට වඩා උග‍්‍ර ගැටලූවක් බවට පත්වීම වැලැක්විය නොහැක. දිවයිනේ ජාතික ආරක්ෂාවට පුළුල් ලෙස බලපෑම් කල හැකි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලූවට විධිමත් සැලැස්මකින් යුතුව විසදුම් සෙවීම අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ශ‍්‍රී ලංකාව මෙහෙයවයි. විශේෂයෙන්ම වත්මන් සංවර්ධන ක‍්‍රියාවලියට සමගාමීව වර්තමාන දකුණු ආසියානු කලාපයේ පසුබිම, ජාතික ආරක්ෂාව හා ආරක්ෂක හැකියාවන් යන සියල්ල ආහාර සුරක්ෂිතතාවය සම`ග සම්බන්ධ වීම ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ආහාර සුරක්ෂිතතාවයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට ම`ග පාදනු ඇති බව සිහි තබා ගැනීම වැදගත් වේ. 

මෙම ලිපියේ කතෘන් වන විභූෂා මදනායක හා ශක්ති දේවපුර ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාරවරුන් වන අතර මෙම ලිපිය ම`ගින් ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හෝ ශ‍්‍රී ලංකා රජයේ අදහස් පිළිඹිබු නොවන බව කරුණාවෙන් සලකන්න.